27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනතාවට ඖෂධ නියම කිරීමෙන් සජිත්ගේ දැනීමේ ප්‍රමාණය පේනවා

ජනතාවට ඖෂධ නියම කිරීමෙන් සජිත්ගේ දැනීමේ ප්‍රමාණය පේනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ

වගකීමකින් තොරව මහජන ජිවිත සමඟ සෙල්ලම් කරන දේශපාලනය මේ රටෙන් අතුගා දැමිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවුසවේ ඊයේ (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකටය එක්වෙමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසිය.

අද අපේ රට වගේම ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් අර්බුදයට මැදිවෙලා. වසංගතය නිසා ජනතාවගේ ජිවිතවලට වගේම ලෝක ආර්ථිකයටත් බලපැමක් සිද්ධ වෙලා. අපේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනතාව බේරා ගැනිමටයි. ඒ වුණත් විපක්ෂය හැසිරෙන්නේ සුරපුරයක් කරපු රටක් භාරදිලා ගියා වගෙයි. ආර්ථීකය කඩා වට්ටලා, දියුණු රටක් බාරදුන්නා වගේ පෙළපාළි යන අය ගැන කණගාටු වෙනවා.

අධ්‍යයනයක් නොකර ඖෂධ නියම කරන සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශවලින් ඔවුන්ගේ දැනීමේ ප්‍රමාණය පේනවා. අපේ රටේ එන්නත්කරණය ඉතාම හොඳ තත්ත්වයක තියෙන්නේ. එන්නත්කරණ ක්‍රියාවලියෙන් රට ඉදිරියට ගන්න උත්සාහ කරන වේලාවේ සාහසික ලෙස මහජනතාවගේ ජිවිත අනතුරට දැම්මේ විපක්ෂයයි. ගෝලබාලයෝ දම්මලා උද්ඝෝෂණ කරලා දැන් රට වහන්න කියනවා. වගකීමකින් තොරව මහජන ජිවිත සමඟ සෙල්ලම් කරන දේශපාලනය මේ රටෙන් අතුගා දමන්න ඕනේ.

මේ අවස්ථාවේ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැද වයිරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ඔබේ සහාය ආණ්ඩුවට ලබා දෙන්න. පහුගිය කාලයේ පැවැති උද්ඝෝෂණවලට සහභාගි වූ බොහෝ අය මේ වන විට කෙරෝනා වයිරසය ආසාධිතයන් බවට පත්ව තිබෙනවා.

උපාලි කරුණාරත්න