30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමේධානි කෙන්යාවේදී හොඳම කාලය වාර්තා කරයි

මේධානි කෙන්යාවේදී හොඳම කාලය වාර්තා කරයි

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 ඉසව්වෙන් සිය හොඳම දක්ෂතාව වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා මේධානි ජයමාන්න ඊයේ (20) සමත් වූවාය.

කෙන්යාවේ නයිරෝබිහිදී පැවැත්වෙන මේ ශූරතාවලියේදී ඊයේ මීටර් 200 අවසන් පූර්ව වටයට පිවිසි ඇය එහි පළමු තරගයේදී තත්පර 23.95කින් එම දක්ෂතාව වාර්තා කිරීමට සමත් වුවද ක්‍රීඩිකාවන් 8 දෙනකු එක් වූ එම තරගයේ ඇයට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි. ඒ හේතුවෙන් අවසන් තරගයට එක්වීමේ අවස්ථාව අහිමි වූ මේධානිට සමස්ත ක්‍රීඩිකාවන් 24 දෙනා අතරේ හිමි වූයේ 13 වැනි ස්ථානයයි.

අවසන් පූර්ව වටයේ ස්ථානය වෙන් කර ගැනීමට ඇය සමත් වූයේ මේ තරගයේ මූලික වටයේදී සිව්වැනි ස්ථානය දිනා ගනිමිනි. එහිදී තත්පර 24.01ක කාලයක් වාර්තා කිරීමට ඇය සමත් වූයේ ඉන් පෙර පසුගිය ජූනි මස ඉන්දියාවේ පටියාලාහිදී වාර්තා කර තිබූ තත්පර 24.08ක හොඳම කාලය අබිබවා යමිනි.

මේ අතර, මීටර් 800 අවසන් පූර්ව වටයට පිවිසි තරුෂි කරුණාරත්නට අවසන් තරගයේ බලාපොරොත්තු අත්හැර ගැනීමට ඊයේ සිදු වූවාය.

මේ ඉසව්වේ මූලික වටයේදී විනාඩි 2:10.70කින් තරගය නිම කරමින් අවසන් පූර්ව වටයට එක් වූ ඇය එම තරගයේදී වාර්තා කළ කාලය විනාඩි 2:17.82කි. මේ සමඟ දෙවැනි තරගයේ 8 වැනි ක්‍රීඩිකාව බවට පත් වූ තරුෂිට ක්‍රීඩිකාවන් 16 දෙනකු එක් වූ අවසන් පූර්ව වටයේදී සමස්ත ක්‍රීඩිකාවන් අතර හිමි වූයේ අවසන් ස්ථානයයි.

මේ ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7 දෙනෙක් සහභාගි වූහ.

නිරෝෂාන් ප්‍රියංකර