විපක්ෂ නායක සජිත්
සිහිබුද්ධියක් ඇතිව කටයුතු කරන ඕනෑම පුද්ගලයකු සලිත කරන මට්ටමේ තැනකට රට ඇද වැටී තිබෙන බව විපක්ෂ නායක, සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ වන විටත් කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති ජීවිත අතිමහත් ප්‍රමාණයක වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු අතර, වගකීමෙන් පලා යෑමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බවත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
පළමුවැනි හා දෙවැනි ආසාදිතයන් මෙරටින් හමු වන විට ගනු ලැබූ ක්‍රියාමාර්ගයවත් මේ වන විට දහස් ගණනින් රෝගීන් හමු වන විට නොගන්නේ මන්දැයි ප්‍රශ්න කළ ඒ මහතා ආණ්ඩුවට මේ ව්‍යසනයෙහි බරපතළකම නොතේරෙන බවත් පැවසීය.
මේ වයිරසය සමඟ අරගල කළ යුතු වන්නේ විද්‍යාත්මකව මිස දේශපාලනිකව හෝ මිථ්‍යාදෘෂ්ටිය මත පදනම්ව නොවන බවත් රට අගුළු දැමීමෙන් පමණක් මෙයට විසඳුම් දිය නොහැකි බවත් ආණ්ඩුවට අවධාරණය කරන්නේ යැයිද එහි දක්වා තිබේ.
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්