ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත
රට වසා ඇති කාල සීමාවේ දිනකට පීසීආර් පරීක්ෂණ ලක්ෂයක් ඉක්මවා සිදු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය:
“රට වසාදැමීම ප්‍රයෝජනයට ගැනීමට නම් පීසීආර් පරීක්ෂණ විශාල වශයෙන් වැඩි කළ යුතුයි. මුළු රටම පීරා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතුයි. පරීක්ෂණ සිදු කර හඳුනා ගන්නා ආසාදිතයන් සමාජයෙන් දුරස් කර තැබීමත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි මොහොතේ සිදු කිරීමත් ආණ්ඩුව සිදු කළ යුතුයි. දින දහයකට හෝ සම්පූර්ණයෙන් රට වසා තැබීමට ආණ්ඩුව ගත් තීරණයට ස්තූතිවන්ත වනවා. එසේ කරන්නට සිදු වූයේ ආණ්ඩුවට එල්ල වූ සමාජ බලපෑම නිසයි.”