රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම
නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවුණත් අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන අයගේ පහසුව පිණිස ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත ලංගම බස් රථ අවශ්‍ය ප්‍රමාණයක් මුදා හැරීමට පියවර ගෙන තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ මහනුවරදී පෙරේදා (21) පැවති මාධ්‍ය හමුවකදීය. ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය:
“අමතර ගෙවීමකින් තොරව අදාළ දුර ප්‍රමාණය සඳහා පමණක් ප්‍රවේශ පත්‍රයක් මිලට ගෙන මේ අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා තිබෙන බස් රථවල ගමන් කළ හැකියි. නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී සේවයට වාර්තා කළ හැකි අය සම්බන්ධයෙන් මේ වන විට රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අයට අවශ්‍යතාව අනුව බස් රථ දෙනවා. ආයතන ප්‍රධානීන් ඒ සඳහා ළඟම ඇති ලංගම ඩිපෝවෙන් ඉල්ලීමක් කළ යුතුයි.
සේවා හැඳුනුම්පත ඉදිරිපත් කර මාධ්‍යවේදීන්ට ද මේ බස් රථවල ගමන් කළ හැකියි. එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන නිසා අදාළ එන්නත් මධ්‍යස්ථානවලට ජනතාව ප්‍රවාහනය කිරීමට මේ බස් රථ යොදවා තිබෙනවා.”
අසේල කුරුළුවංශ