29 C
Colombo
Tuesday, May 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews‘ද හන්ඩ්‍රඩ්’ මංගල කිරුළ මහේලගේ සදර්න් බ්‍රේව්ට

‘ද හන්ඩ්‍රඩ්’ මංගල කිරුළ මහේලගේ සදර්න් බ්‍රේව්ට

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස කටයුතු කළ ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායම සමත් විය.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී බ්‍රේව් පිල හමුවේ ‘බර්මින්හැම් ෆීනික්ස්’ කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බර්මින්හැම් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බ්‍රේව් පිල කඩුලු 5ක් දැවී ලකුණු 168ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මින්හැම් පිලට නියමිත පන්දු 100 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 136ක් පමණි.

ලියම් ලිවින්ග්ස්ටෝන් හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කරමින් පන්දු 19කින් වේගවත් ලකුණු 46ක් සහ නායක මොයින් අලි ලකුණු 36ක් රැස් කළ ද බර්මින්හැම් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

පළමුව පන්දුවට පහර දුන් බ්‍රේව් ඉනිමට වේගවත් ආරම්භයක් දුන් පෝල් ස්ටර්ලින්ග් ලකුණු 61ක් රැස් කළේ පන්දු 36කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 2කින් සහ හයේ පහර 6කින් වර්ණවත් වූ අතර, රෝස් වයිට්ලි නොදැවී ලකුණු 44ක් රැස් කළේ පන්දු 19කිනි.

පන්දු යැවීමේදී ඇඩම් මිල්නේ පන්දු 20කදී ලකුණු 8ක් පමණක් දෙමින් කඩුලු 2ක් බිඳ දැම්මේය.

අවසන් තරගයේ වීරයා ලෙස පෝල් ස්ටර්ලින්ග් නම් කළ අතර, තරගාවලියේ වීරයා සම්මාන ලියම් ලිවින්ග්ස්ටෝන්ට පිරිනැමිණි.

මේ තරගාවලියට සමගාමීව පැවැති කාන්තා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඕවල් ඉන්වින්සිබල් පිල සමත් වූ අතර, එම කණ්ඩායම හමුවේ අවසන් මහා තරගයේදී සදර්න් බ්‍රේව් පිල ලකුණු 48කින් පරාජයට පත් විය.