30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට වසා ඇති කාලයේ දිනකට පීසීආර් ලක්ෂයක් කළ යුතුයි

රට වසා ඇති කාලයේ දිනකට පීසීආර් ලක්ෂයක් කළ යුතුයි

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත

රට වසා ඇති කාල සීමාවේ දිනකට පීසීආර් පරීක්ෂණ ලක්ෂයක් ඉක්මවා සිදු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය:

“රට වසාදැමීම ප්‍රයෝජනයට ගැනීමට නම් පීසීආර් පරීක්ෂණ විශාල වශයෙන් වැඩි කළ යුතුයි. මුළු රටම පීරා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතුයි. පරීක්ෂණ සිදු කර හඳුනා ගන්නා ආසාදිතයන් සමාජයෙන් දුරස් කර තැබීමත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි මොහොතේ සිදු කිරීමත් ආණ්ඩුව සිදු කළ යුතුයි. දින දහයකට හෝ සම්පූර්ණයෙන් රට වසා තැබීමට ආණ්ඩුව ගත් තීරණයට ස්තූතිවන්ත වනවා. එසේ කරන්නට සිදු වූයේ ආණ්ඩුවට එල්ල වූ සමාජ බලපෑම නිසයි.”