29.1 C
Colombo
Friday, May 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅහිංසක රාජ්‍ය සේවකයන්ගේ වැටුපට තට්ටු කරන්න එපා!

අහිංසක රාජ්‍ය සේවකයන්ගේ වැටුපට තට්ටු කරන්න එපා!

පා.ම. නලින් බණ්ඩාර

රටේ සල්ලි හිඟයක් තිබෙනවා නම් සල්ලි අත්පත් කර ගත හැකි තැන් අපමණ තිබෙන බවත්, ඒ වෙනුවට අහිංසක රාජ්‍ය සේවකයන්ගේ වැටුපට තට්ටු කරන්න එපා කියා තමන් ආණ්ඩුවට කියන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පසුගියදා (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය:

“පළමු රැල්ල, දෙවැනි රැල්ල ගැන වත්මන් රජය පුරසාරම් දෙඩුවාට දැන් රට මරණයේ දිසාවට ගමන් කරමින් සිටිනවා. අපි හැමෝම ජීවත් වීමේ දිසාවට ගමන් කළ යුතුයි. රට වහනවා නම් රටේ ජනතාවට කැප කිරීම් කරන්න සූදානම් වෙන්න කියලා ජනාධිපතිවරයා කියනවා. රට වැසූ විට ආර්ථිකය කඩාවැටෙනවා, පඩි ගෙවන්න බැරි වෙනවා කියලා කිවුවා. ඇඟලුම් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5ක් ලැබෙන බව ජනාධිපතිවරයා පැවැසුවා. එදා ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කර්මාත්නය ගෙන එන විට මොවුන් එය හාස්‍යයට ලක් කළා. අද ඇඟලුම් කර්මාන්තය ආර්ථිකයට දැවැන්ත ශක්තියක් දෙන ආයෝජනයක් බවට පත්ව තිබෙන බව ජනාධිපතිවරයාගේ කතාවෙන්ම ඔප්පු වුණා.

ජිම් 200ක් හදන කැබිනට් පත‍්‍රිකාවක් ගෙන ආ වෙලාවේ රෝහල් 200ක හදිසි ප‍්‍රතිකාර ඒකක 200ක් හදන්න තිබුණා. අලුතින් අධිවේගි මාර්ග හදන වෙලාවේ අලුතින් රෝහලක් ඉදි කිරීමට මුදල් වෙන් කරන්න තිබුණා. මේ සතියේදී වාහන 146ක් ගෙන්වීමට කැබිනට් පත‍්‍රිකාවක් අනුමත කර ගත්තා. ඇමැතිවරුන්ට වාහන ගෙන්වන වෙලාවේ ගිලන් රථ ආනයනය කරන්න තිබුණා. මේ ආණ්ඩුව කළේම අනවශ්‍ය ආයෝජනවලට මුදල් වෙන් කිරීමයි. දැන් මේ අය කියනවා, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපන්න කියලා. සීනි බද්ද වෙනස් කර මුදල් හොරා කෑ අයම මේ යෝජනා ගේනවා. මේ සල්ලි ටික රාජ සන්තක කර ගත්තා නම් ඇති වෙන්න එන්නත් ගේන්න තිබුණා. රටේ සල්ලි හිඟයක් තිබෙනවා නම් සල්ලි අත්පත් කර ගත හැකි තැන් තිබෙනවා. අහිංසක රාජ්‍ය සේවකයන්ගේ වැටුපට තට්ටු කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.”

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්