30 C
Colombo
Friday, May 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගල් අඟුරු නොගත්තොත් විදුලිය කපන්නත් වනවා

ගල් අඟුරු නොගත්තොත් විදුලිය කපන්නත් වනවා

පා.ම. පාඨලී චම්පික රණවක

ගල් අඟුරු භාවිතයට නොගත්තොත් ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ විදුලිය කැපීමක් සිදු වන බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (22) ‘43 වන සේනාංකයේ’ මාතලේ දිස්ත්‍රික් සමුළුව සූම් තාක්ෂණය ඔස්සේ අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය:

“ලබන මාසය වන විට ගෑස් අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙනවා. ඉන්ධන සම්බන්ධයෙන් ද බරපතළ අර්බුදකාරි තත්ත්වයක් ඉදිරියේදී ඇති වනවා. මුළු රටම අද වන විට අවුල් ජාලයක තිබෙනවා කියන එක පැහැදිලියි. රටේ ගොවිබිම්වලට පොහොර නොදීමේ විපාක දැන් දැනෙමින් පවතිනවා. මතක තියා ගන්න, මා වගකීමෙන් කියනවා: ශ්‍රී ලංකාවට පොහොර ගේන්න ඩොලර් නැති වුණේ පසුගිය මැයි සහ මාර්තු මාසවල ශ්‍රී ලංකන් ගුවන් සේවයට නිශාන්ත වික්‍රමසිංහ කියන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මස්සිනා සිදු කළ දැවැන්ත වංචාව වන එයාර් බස් වංචාවට අදාළ මුදල වන ඩොලර් මිලියන 500ක් ගෙවන්න සිදු වූ නිසායි. ඒ නිසා අද පොහොර මිල දී ගන්න ඩොලර් නෑ.

ලබන සැප්තැම්බර් මැද වෙන කොට මහවැලි වතුර ගොවි බිම්වලට නිකුත් වෙනවා. ඒත් කුඹුරට ට්‍රැක්ටරය දාන්න ලියද්ද අස්වද්දන්න ගොවීන්ට පොහොර නෑ. පොහොර නැතිව මේ ගොවිතැන් කටයුතු කරන්න බෑ.

රට වැහීමේ ක්‍රියාවලිය කිසිම විද්‍යාත්මක පදනමකින් සිදු කර නෑ. අඩුම ගානේ දින 14කට වත් රට වහන්න ඕනෑ. ඊට පසුව මේ රටේ යම් රෝග පාලනයක් දැක ගන්න පුළුවන්. මේ දින 10ක් වසා දැමීමෙන් සිදු වන්නේ රටට ආර්ථික වශයෙන් පාඩුවක් පමණයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය අද වන විට කඩාවැටෙමින් පවතිනවා. වෛද්‍යවරුන්, හෙදියන් වගේම පීඑච්අයි මහත්ත්වරුන් අද වන විට ඉතා වෙහෙසට පත් වෙලා. ඔවුන් සම්බන්ධයෙන් කිසිම ඇගයීමක් නෑ. මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක් නැති ආරක්ෂක හමුදා සමාජිකයන් එන්නත්කරණයට යොදවා තිබෙනවා. ඒ නිසා අපි දකිනවා: මේ ක්‍රියාවලිය කිසිම විද්‍යාත්මක ක්‍රියාවලියකට අනුව නොවෙයි යන්නේ කියලා.”

නාඋල සමූහ