ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනයක තෑගි බෙදන සිංගර් ඊස්පෝර්ට්ස් ප්‍රිමියර් ලීග් තරගාවලියට (SINGER Esports Premier League) හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය එක්වී සිටී. තරගකරුවන්ට නිවෙසේ සිටම තරග වැදිය හැකි තරගාවලියට තරගකරුවන් දෙදහසකට අධික සංඛ්‍යාවක් කණ්ඩායම් 12කට බෙදී තරග කරන අතර, සනත් ජයසූරිය එහි එක් කණ්ඩායමක් වන සදර්න් ෂාක්ස් පිලේ උපදේශක තනතුරට පත්වී සිටී.
වාර්ෂිකව පවත්වනු ලබන මේ තරගාවලියට මෙරට දක්ෂතම ඊස්පෝර්ට්ස් ක්‍රීඩකයන් සහභාගි වන අතර, ඊස්පෝර්ට්ස් ක්‍රීඩා සමාගමක් වන Gamer.LK සමාගම තරගාවලිය සංවිධාන කරයි.
මේ මස සිට ඔක්තෝබර් මාසය දක්වා පැවැත්වෙන මේ තරගාවලියට පළාත් 9ක් ආවරණය වන පරිදි කඳුරට කිංග්ස්, නෝදර්න් රේන්ජර්ස්, රජරට ජයන්ට්ස්, සබරගමුව නයිට්ස්, සදර්න් ෂාක්ස්, ඌව බැන්ඩිට්ස්, වයඹ රයිඩර්ස් සහ වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම් ඇතුළත් වෙති.
එම කණ්ඩායම් අතරින් නෝදර්න් රේන්ජර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස රසල්ඩ් ආනොල්ඩ් සහ රජරට ජයන්ට්ස් කණ්ඩායමේ උපදේශක ලෙස චමින්ද වාස් ද සිය දායකත්වය ලබා දෙති.