ලෝක ශූරතා කනිෂ්ඨ මල්ලවපොර ශුරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම එම තරගාවලියේ දැක්වූ දක්ෂතා අනුව ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළට පැමිණීමට සමත්වී ඇත.
රුසියාවේදී නිමාවට පත්වූ මේ ශූරතාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තිය නියෝජනය කළ නෙත්මි අහිංසා අටවැනි ස්ථානයත්, කිලෝග්‍රෑම් 53 බර පන්තිය නියෝජනය කළ චමෝද්‍යා කේශානි 9 ස්ථානයත් දිනා ගැනීම විශේෂත්වයකි. එම තරගාවලිය නියෝජනය කළ එකම ක්‍රීඩකයා වූ කණ්ඩායම් නායක චමෝද් ඇන්තනි, පිරිමි කිලෝග්‍රෑම් 70 බර පන්තියේ 20 වැනි ස්ථානයට පත්ව ඇත.
අඩු පහසුකම් සහිතව පුහුණු වීම්වල නිරත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවැනි ජයග්‍රහණයක් ලැබීම සතුටට කරුණක් බවත්, නව තාක්ෂණය සහ නිසි පෝෂණය සහිතව පුහුණු වීම්වල නිරත වීමට අවස්ථාව ලැබෙන්නේ නම් ඉදිරියේදී මීට වඩා ජයග්‍රහණ ලබා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට ඔවුන් සමත්වනු ඇති බවත් සංචාරයට සහභාගී වූ පුහුණුකරු සුරංග කුමාර මහතා කියා සිටියේය.
ජෝශප් පයස්
වත්තල විශේෂ