24.5 C
Colombo
Tuesday, December 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිම්බාබ්වේ දඟ පන්දු යවන්නාට තහනමක්

සිම්බාබ්වේ දඟ පන්දු යවන්නාට තහනමක්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රෝයි කායාට පන්දු යැවීමේ තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යනුකූල නොවන බවට තහවුරු වීම හේතුවෙන් මෙලෙස තහනමක් පනවා ඇත්තේ අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීම සඳහාය.

පසුගිය මාසයේ හරාරේහි පැවැති බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගයේදි රෝයිට පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව විමර්ශනය කළ විශේෂඥ මණ්ඩලයක් විසින් තීරණය කර ඇත්තේ ඔහු පන්දු යැවීමේදී වැලමිට නියමිත අංශක 15 සිමාව ඉක්මවා යන බවයි.

සිය ඉරියව්ව නිවැරැදි කර ගැනීමෙන් පසු ඔහුට යළිත් පරීක්ෂණයකට ඉදිරිපත් වී තහනම ඉවත් කර ගැනීමට අවස්ථාව තිබේ.