29 C
Colombo
Thursday, May 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබංග්ලාදේශ් ගිය ඇලන්ට කොරෝනා

බංග්ලාදේශ් ගිය ඇලන්ට කොරෝනා

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත වී සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ෆින් ඇලන්ට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.

ඔහු බංග්ලාදේශයට පැමිණීමට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී වයිරසය ආසාදනය වී නැති බවට තහවුරු වී ඇති අතර, ඩකා නුවරට පැමිණ පැය 48කට පසු ඔහු ආසාදිතයකු ලෙස හඳුනා ගෙන ඇත. නවසීලන්ත පිල එරට සිට බංග්ලාදේශය බලා පැමිණිය ද ෆින් එංගලන්තයේදී පළමු වරට පැවති ද හන්ඩ්‍රඩ් තරගාවලියට එක්ව සිටි බැවින් ඔහු එංගලන්තයේ සිට බංග්ලාදේශයට පැමිණ තිබේ.

මේ වන විට ෆින් හුදෙකලාව සිටිමින් අවශ්‍ය ප්‍රතිකාර ගන්නා අතර, සෙසු නවසීලන්ත ක්‍රීඩකයන් ඩකා නුවර නැවතී සිටින හෝටල් කාමර තුළදී ම දින 3ක් නිරෝධායනයට ලක් වීමට නියමිතය.

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර, තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන අතර, එම තරගාවලිය ලබන මස 1 දා ආරම්භ ආරම්භ වීමට නියමිතය.