25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුදු 18න් ඉහළ සැමටම කොවිඩ් එන්නත දෙනවා

අවුරුදු 18න් ඉහළ සැමටම කොවිඩ් එන්නත දෙනවා

ඇමැති කෙහෙලිය කියුබා තානාපතිට කියයි

වයස අවුරුදු 18න් ඉහළ මෙරට සියලු පුරවැසියන්ට කොවිඩ් මර්දන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක් කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය. එළැඹෙන සැප්තැම්බර් මස මැද වන විටදී වයස අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් සියලු පුරවැසියන්ට එන්නත්කරණය අවසන් කළ පසු කොවිඩ් මර්දන තුන්වැනි එන්නතක් ගැන අවධානය යොමු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රිස් මාර්කෙලෝ මහතා හමුවෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ඇමැතිවරයා ඊයේ (6) මේ බව පැවසුවේය.

කියුබානු සෞඛ්‍ය සේවාවේ පවතින ඉහළ තාක්ෂණය, අත්දැකීම්, දැනුම ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගන්නා ලෙසටද ඇමැතිවරයා මෙහිදී කියුබානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාවට අවශ්‍ය පූර්ණ සහාය කියුබානු රජයෙන් දෙන බවට තානාපතිවරයා මෙහිදී පොරොන්දු විය.

සන්ධ්‍යා කරුණාරත්න