32.2 C
Colombo
Friday, June 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋද්ඝෝෂණවලට ගිය ගුරු-විදුහල්පතිවරු ගණනාවක් කොවිඩ්වලට ගොදුරු වෙලා

උද්ඝෝෂණවලට ගිය ගුරු-විදුහල්පතිවරු ගණනාවක් කොවිඩ්වලට ගොදුරු වෙලා

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ කියයි

මෑතකදී පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණවලට සහභාගී වූ ගුරුවරුන් විශාල පිරිසකට මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවාය.

ඒ මහත්මිය මේ බව පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තවදුරටත් ඒ මහත්මිය මෙසේද පැවසුවාය.

“ගුරුවරුන් විශාල පිරිසකට මේ වන විට කොවිඩ් වයිරසය ආසාදනය වී මිය ගොස් තිබෙනවා.

ආණ්ඩු විරෝධී වෘත්තිය සමිති සංවිධානය කළ මෙම විරෝධතා නිසා විපතට පත් ගුරු පිරිස්වල වගකීම එම වෘත්තිය සමිති නායකයන් බාරගත යුතුයි. එම නායකයන් අද වන විට අතුරුදන් වී තිබෙනවා.

කොවිඩ් ලෝකයම විනාශ වෙමින් තිබිය දී අපේ රට එය නිසි ලෙස පාලනය කර ගැනීමට සමත්ව තිබියදී ඇතැම් ගුරු විදුහල්පති වෘත්තිය සංගම්වලට එය දරා ගැනීමට නොහැකි වුණා. ඒ නිසා උද්ඝෝෂණ හා වර්ජනවල නියැළෙමින් නැවත කොරෝනා පොකුරු නිර්මාණය කිරීමට කටයුතු කරනවා.දරුවන්ට නැණ නුවන පාදන, හරිමග කියා දෙන ගුරු විදුහල්පතිවරුන් මෙලෙස හැසිරෙන්නේ නම් අනාගත පරපුරට කුමන ඉරණමක් අත්වේදැයි සිතාගත නොහැකියි.

ආණ්ඩු විරෝධී ලෙස කටයුතු කිරිමට කෝටි 85ක මුදලක් විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් ගුරු සංගම්වල ඇතැම් නායකයන්ට සහ ප්‍රසිද්ද හිමි නමකට ලැබුණු බවට වාර්තා දැන් එළියට ඇවිත් තිබෙනවා.”

නුවන් කොඩිකාර