එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ එම පක්ෂයේ 75 වැනි සංවත්සරයට සමගාමීව සැප්තැම්බර් මස 5 දා ජනගත කෙරෙයි.
සැප්තැම්බර් මස 6 දාට යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස් වැනි සංවත්සරය වෙනුවෙන් අනාගත දේශපාලන වැඩපිළිවෙළ මෙලෙස එළි දක්වනු ලබයි.උතුරු නැඟෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරන පරිදි සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ක්‍රියාකාරීන් සැප්තැම්බර් පස් වැනි දින පැවැත්වෙන සංවත්සර සැමරුමට එක් කර ගැනීමට මේ වන විට කටයුතු යොදා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන වැඩපිළිවෙළ එළි දැක්වීමෙන් අනතුරුව ප්‍රධාන පියවර ලෙස ප්‍රකාශයට පත් කෙරෙන්නේ ප්‍රතිසංවිධාන හා ප්‍රචාරක ව්‍යාපාරය බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කීය.
කොරෝනා වසංගත තත්ත්වය යටතේ ඇති වී තිබෙන ප්‍රවණතා අනුව පක්ෂ සංවිධාන සංකල්පය දෙවැනි මට්ටමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේයැයි වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ අවසන් කෙටුම්පතට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට අනුමැතිය දී තිබෙන බවත් එය පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වජිර අබේවර්ධන මහතා පැවසීය.
ශිරෝමි අබයසිංහ