28 C
Colombo
Tuesday, June 3, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගජමිතුරන්ට ආණ්ඩුව බදු සහන දෙනවා

ගජමිතුරන්ට ආණ්ඩුව බදු සහන දෙනවා

පා.ම. රෝහිණි කවිරත්න

තම ගජමිතුරන්ට බදු සහන ලබා දෙමින් මුදල් අමාත්‍යාංශය දන්සල් පවත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ධනපතියාගෙන් අරගෙන දුප්පතාට සහන සලසන ක්‍රමය පසෙකලා දැන් ක්‍රියාත්මක වන්නේ දුප්පතාගෙන් රැගෙන පොහොසතාට සලකන ක්‍රමයක් බවද මන්ත්‍රීවරිය සඳහන් කරයි.

වගා සංග්‍රාමයෙන් ස්වයංපෝෂිතව සිටි රටක් මේ වනවිට හිඟා කන තත්ත්වයට පත්ව තිබෙන්නේ ආණ්ඩුව සිය ව්‍යාපාරික ගජමිතුරන්ට ලාභ ලැබීමට ඉඩ දුන් නිසා බවත් ඇය පෙන්වා දෙයි. දිළිඳු ජනතාවගේ බඩට ගසමින් බදු සල්ලි උපයන ආණ්ඩුව දුප්පතාගේ ඔළුවට පිස්තෝලේ නොතියාම සේසත පැහැර ගන්න මට්ටමකට පත්ව ඇති බව ද ඇය වැඩිදුරටත් කියා සිටියි.

පහන් විජේසේකර