27.7 C
Colombo
Thursday, June 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිරෝධායන ඇඳිරිනීතිය දින දහයකට ප්‍රමාණවත් නැහැ

නිරෝධායන ඇඳිරිනීතිය දින දහයකට ප්‍රමාණවත් නැහැ

එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ

වෛද්‍ය උපදෙස් අනුව නිරෝධායන ඇඳිරිනීතීය දින දහයකට ප්‍රමාණවත් නොවන හෙයින් එය තවත් සති දෙකක් හෝ තුනක් දක්වා දීර්ඝ කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත ඊයේ (26) විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කෙළේය.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

“සැබෑ පරමාර්ථය ඉටු කර ගැනීමට නම් තව සතියක් දෙකක් රට වසා දැමිය යුතුයි. මෙම කාරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන් යළි යළිත් සිතිය යුතුයි.

ලොක්ඩවුන් එකකදී වන ආර්ථික හානියට වඩා ලොක්ඩවුන් එකක් නොමැති තත්ත්වයේ දී රටට වන ආර්ථික හානිය වැඩියි.

ආර්ථික ගැටලුව විසඳා ගැනීමට තිබෙන එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුල හෙවත් I.M.F. සමඟ සාකච්ඡා කර ආර්ථික සහාය එතනින් ලබා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, කොවිඩ් අර්බුදයෙන් ගොඩයෑමට ඩොලර් කෝටි 72ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.

ඒ බැවින් ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙස මා යෝජනා කරනවා. ඒ වෙනුවෙන් රටවාසීන් සියලු දෙනා ගේ සහාය ලැබෙනු ඇතැයි මා තරයේ විශ්වාස කරනවා.

අමෙරිකා එක්සත් ජනපද ආධාර ඒජන්සියේ (US Aid) ප්‍රධානී සමන්තා පවර් මහත්මියට කතා කොට මෙරටට එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා සිටි මංගල සමරවීර මහතා අපගෙන් සමුගෙන තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානියකු වූ රාජා මහේන්ද්‍රන් , ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහ මහත්වරුන්ද, නීතිඥ ගෞරි තවරාසා මහත්මිය ඇතුළු ඔබ අප දන්නා හඳුනන බොහෝ දෙනකු කොවිඩ් වසංගතය හමුවේ ජීවිත අතහැර ගොස් තිබෙනවා.

කොවිඩ් වසංගතය රට පුරා අද වන විට සීග්‍රයෙන් පැතිරෙනවා. එන්නත් ලබා ගන්නා ජනතාව ගේ ප්‍රමාණය ඉහළ යන්නාසේම කොවිඩ් රෝගයට ගොදුරුවන පිරිසත් ඉහළ යමින් සිටිනවා. අගෝස්තු මාසය ආරම්භ වන විට 5000ක සංඛ්‍යාවක පැවැති කොවිඩ් මරණ, මාසය අවසාන වන විට 8000 ට ආසන්න වී තිබෙන බව දැක ගත හැකියි. මේ සති කිහිපය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ක් බවට පත් වුණා.

කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යා ලේඛනවලත් ගැටලු මතු වෙලා. ප්‍රමාද වී වාර්තා වුණු ආසාදිතයන් පිරිසක් පසුගියදා සංඛ්‍යා ලේඛනවලට එකවරම එකතු කළා. ඒ අනුව මෙරට තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 5000 සීමාව ඉක්මවා ගියා.

කොවිඩ් ආසාදනය වීම සීග්‍රයෙන් පැතිර යෑම නවතා ගත යුතුයි. අලුත් රෝගීන් ඇතිවීම නවත්වා ගැනීමට දැනට තිබෙන එකම මාර්ගය රට අගුළු දැමීම නොහොත් ලොක්ඩවුන් කිරීමයි.

එම නිසා ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලයට මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙස. ඒ වෙනුවෙන් රටවාසීන් සියලු දෙනාගේ සහාය ලැබෙනු ඇතැයි ද මම තරයේ විශ්වාස කරනවා.

ශිරෝමි අබයසිංහ