25 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිචිගන් ආණ්ඩුකාරවරිය පැහැරගැනීමේ තැත වරදී

මිචිගන් ආණ්ඩුකාරවරිය පැහැරගැනීමේ තැත වරදී

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ කොවිඩ්-19 සීමා නීතිරෙගුලාසි නිසා කෝපයට පත් වූ පුද්ගලයකු එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය පැහැරගෙන යෑමට සැලසුම් කරමින් සිටියදී කොටුවීමෙන් වසර 6ක සිරදඬුවමකට ලක් කර තිබේ. ටයි ගාර්බින් මේ කුමන්ත්‍රණයට චෝදනා එල්ල වූ පිරිසකින් එක් අයෙකි. ඉකුත් බදාදා (25දා) ඔහුට දඬුවම් නියම වූ අතර ඩොලර් 2,500ක දඩයක් ද ගෙවීමට නියම විය. කොවිඩ් පැතිරීම වැලැක්වීමට ආණ්ඩුකාර විට්මර් මහත්මිය පසුගිය වසරේ සීමා කිරීම් රැසක් හඳුන්වා දුන් අතර එයින් රැසක්ම මේ වන විටත් ඉවත් කර ඇත. විත්තිකරුවන් පිරිස මිචිගන් හි සිටින ආණ්ඩු විරෝධී සන්නද්ධ කල්ලියක සාමාජිකයින් වේ. ලාන්සින්හි පිහිටි කැපිටොල් මන්දිරයට කඩා පැනීමට මේ පිරිස කළින් සැලසුම් කර ඇති අතර, විට්මර් මහත්මියගේ නිවාඩු නිවහනේදී ඇය පැහැරගැනීමට පසුව සැලසුම් කර තිබේ.