29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිස්බාට කොරෝනා

මිස්බාට කොරෝනා

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් කොරෝනා වයිරස් ආසාදිතයකු බවට පත්ව තිබේ.

පාකිස්තාන කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුරදී 47 හැවිරිදි මිස්බා මෙලෙස ආසාදිතයකු බවට පත් වූ අතර, ඒ අනුව ඔහුට ජැමයිකාවේදී දින 10ක කාලයක් නිරෝධායනයට ලක් වීමට සිදු වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.

කෙසේ වෙතත් මේ සංචිතයේ වෙනත් කිසිදු සාමාජිකයකුට වයිරසය ආසාදනය වී නැතැයි වාර්තා වේ.

ඒ අනුව මේ සංචාරය නිමා කරමින් පාකිස්තාන කණ්ඩායම පෙරේදා යළි ලාහෝර් නුවර බලා පිටත්ව ගිය අතර, මිස්බා නිරෝධායනය නිම වන ⁣ තෙක් ජැමයිකාවේම රැඳී සිටිනු ඇත.