30 C
Colombo
Sunday, June 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයහපාලන නායකයන්ගේ කාලකන්නි ආකල්ප නිසා බැඳුම්කර හොරකමත් පාස්කු දා ප්‍රහාරත් වුණා

යහපාලන නායකයන්ගේ කාලකන්නි ආකල්ප නිසා බැඳුම්කර හොරකමත් පාස්කු දා ප්‍රහාරත් වුණා

යහපාලන ආණ්ඩුවේ නායකයන් දෙදෙනාගේ අලසකම සහ කාලකන්නි ආකල්ප නිසා බැඳුම්කර හොරකමත් පාස්කු දා ප්‍රහාරයත් වූ බව සමඟි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

එම ප්‍රහාරය වළක්වා නොගත්තාට අනිත් සෑම අංශයකින්ම අපි ජනතාවට සහන දෙන්න කටයුතු කළ බව විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ෆොන්සේකා මහතා කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.

‘‘ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ නමුත් අපේ හිටපු නායකයන් දෙදෙනාගේ අලස කම නිසා ඒ වගේම ඔවුන්ගේ කාලකන්නි ආකල්ප නිසා බැඳුම්කර හොරකමත් පාස්කු ප්‍රහාරයත් වුණා.

මේ ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරු කයිවාරු ගහනවා. එක ඇමැතිවරයෙක් කිව්වා පරිප්පු කන්න බැරි නම් මුන් ඇට කන්න කියලා. පරිප්පු කිලෝ එක රුපියල් 265යි මුන් ඇට කිලෝ එක රුපියල් 850යි. මේ ඇමැතිවරු ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. ඔවුන්ට විහිළු සපයනවා. ඒ ඇමැතිවරු ජනතාවගේ ජීවිත තේරුම් ගන්නේ නැහැ.

එම ඇමැතිවරයාම තවත් වෙලාවක කිව්වා ඉන්ධන මිල වැඩි කරන්නේ ජනතාව ගෙදරින් එළියට යන නිසා කියලා. මෙවැනි ක්‍රියා නිසා ජනතාව විශාල අපහසුතාවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම වසංගතයක් තිබෙන වෙලාවක ජනතාව රෝග බියෙන් මර බියෙන් සිටින වෙලාවක බෙහෙත් මිලත් වැඩි කරලා. එසේ වැඩි කරලා ඇමැතිවරු කියනවා තොග ඉවර වෙන එක වළක්වා ගන්න මිල වැඩි කළා කියලා.”

ක්‍රිසන්ති විතාරණ