27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවසීලන්තයේ ‘ලොක්ඩවුන්’ කාලය දීර්ඝ කරයි

නවසීලන්තයේ ‘ලොක්ඩවුන්’ කාලය දීර්ඝ කරයි

ඕක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයන් 70ක් හඳුනාගැනීමත් සමඟ නවසීලන්තයේ සිවயවැනි මට්ටමේ කොවිඩ් අවදානමක් නිවේදනය කළ අගමැතිනි ජෙසින්ඩා ආර්ඩ්න් තවත් දින 4ක කාලයක් රටම ලොක්ඩවුන් කිරීමට තීරණය කළාය. එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් සමඟ පැවති සාකච්ඡාවකින් පසු ඇය මේ තීරණය ගෙන ඇත.

ඒ අනුව ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය දක්වා නවසීලන්තය පූර්ණ වශයෙන් ලොක් ඩවුන් කර ඇති අතර, එදිනට පසු ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති ඕක්ලන්ඩ් නගරයේ තුන්වැනි මට්ටමේ කොවිඩ් අවදානමක් ප්‍රකාශයට පත් කරමින් රාත්‍රී කාලයේදී එහි සංචාරණ සීමා පැනවීමට දැනට අදහස් කර තිබේ.