27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැලසුමක් නැති නිසා ආණ්ඩුව මංමුළා වෙලා

සැලසුමක් නැති නිසා ආණ්ඩුව මංමුළා වෙලා

සජිත්ගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව සුරක්ෂිත කිරීම සඳහා වන ඒකාබද්ධ සැලසුම් කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට දවසින් දවස ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ එදාවේල ගත කිරීම වෙනුවෙන් මාතෘකා ඇති කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදිනෙදා ජීවිත සම්බන්ධයෙන් මෙන්ම අනාගත අපේක්ෂාවන් සම්බන්ධයෙන්ද ජනතාව තුළ බලාපොරොත්තු බරපතළ ලෙස කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇති අතර, නිසි සැලසුමක් සහ ඉලක්ක සහගත වැඩපිළිවෙළක් නැති වීම හේතු කොට ගෙන ආණ්ඩුවද මංමුලා වී සිටින බවද හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

රටට සෞභාග්‍යය රැගෙන එන බවට පුරසාරම් දෙඩූ අභිනව මුදල් ඇමැතිවරයා පත්වූවාට පසුව ඊට පෙර පැවැතියාටත් වඩා උග්‍ර ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති අතර, ඊට සාපේක්ෂව ආර්ථිකයද කඩා වැටී ඇති බවත් කීවේය.

පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160කට පැවති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ. මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය එයින්ම පැහැදිළි වන බව පවසන ඒ මහතා,

වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස කිරිපිටි හිඟයක් දක්නට ඇති අතර, ඉන්ධන, ගෑස්, හාල්, ඖෂධ, පාන් ඇතුළු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත් කීවේය.

ඕනෑ තරම් ඖෂධ රට තුළ ඇති බවට මුසාවාදා පවසන ආණ්ඩුවේ වගකිවයුතු ඇමැතිවරු ඒ අතරේ තානාපතිවරුන් හරහා ඖෂධ ඉල්ලමින් සිටින බව කී ප්‍රේමදාස මහතා, එනයින් ගම්‍ය වන්නේ රට ගොඩනැඟීම කෙසේ වෙතත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය අවම පහසුකම් ටික හෝ සැලසීමට ආණ්ඩුවට නොහැකි බව යැයිද පැවසීය.

මේ අතර බෙහෙත් වට්ටෝරු, ඇණවුම්, ලියාපදිංචිය ආදි තොරතුරු ඇතුළත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්ලවුඩ් හෙවත් දත්ත අවකාශයේ ගබඩා කළ තොරතුරු මැකී යෑම බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු ආන්දෝලනාත්මක සිදුවීමකි. මේ දත්ත මැකීම පිටුපස ජාවාරම්කරුවන් පිරිසක් සිටිනවාද යන්න පිළිබඳ නිරවද්‍ය අපක්ෂපාති පරීක්ෂණයක් කළ යුතුය යන්න ද නිවේදනයේ දැක්වේ.

මේ තත්ත්වය පිළිබඳ සමඟි ජන බලවේගයේ දැඩි අවධානය යොමුව ඇති අතර, කඩාවැටී ඇති සහ කඩාවැටෙමින් ඇති ශ්‍රී ලංකාව ගොඩනැඟීම වෙනුවෙන් ආණ්ඩුව ගනු ලබන ප්‍රායෝගික ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ දැඩි අවධානයෙන් පසු වන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්