විස්සයි20 අන්තර්ජාතික ක්‍රිකට් තරග බිමේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ක්‍රීඩකයා වන දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ටබ්‍රයිස් ශම්සි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් වෙයි.
කොරෝනා වසංගතය හේතුවෙන් අතරමඟ නවතා දැමූ අයිපීඑල් තරගාවලියේ ඉතිරි කොටසේදී ශම්සි රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම්ගත වී තිබේ. රාජස්තාන් පිල නියෝජනය කළ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට ශම්සි ආදේශ කිරීමට කටයුතු කර ඇත.
මින් පෙර 2016 වසරේ අයිපීඑල් තරගාවලියට එක් වූ ශම්සි එවර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කළේය. අන්තර්ජාතික විස්සයි20 තරග 39කදී කඩුලු 45ක් දවා ගෙන ශම්සි දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ එක්දින සහ විස්සයි20 තරගාවලියකට එක් වීම සඳහාය. දකුණු අප්‍රිකා පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන මස 14 දා නිමාවට පත් වීමට නියමිත අතර, අයිපීඑල් තරගාවලියේ ඉතිරි කොටස ලබන 19 දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතය.