28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාව යළි වසංගතයට බිලි වෙයි

අමෙරිකාව යළි වසංගතයට බිලි වෙයි

කොවිඩ් වසංගතයේ නව ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවට පසුගිය වසරට වඩා වැඩි බලපෑමක් එල්ලවී ඇතැයි වාර්තා වේ. පසුගිය ජනවාරි මාසයෙන් පසු පළමුවරට එරට ප්‍රතිකාර ගන්නා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙරේදා ලක්ෂය ඉක්මවා ගියේය. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී දැඩි අසීරුතාවට පත්වීමට සිදු වී ඇතැයි එරට රෝහල් සේවකයෝ කියති.

දැනට දින කිහිපයක සිටම ලොව වැඩිම දෛනික රෝගීන් සහ දෛනික මරණ වාර්තාව උසුලනු ලබන්නේ ද අමෙරිකාව විසිනි. පෙරේදා දිනයේ එරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,69,953ක් වූ අතර, මරණ ගණන 1,215ක් විය.