31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුවතා මංතීරුවෙන් පරාක්‍රම සමුද්‍රයේ රළපනාවට කිසිම හානියක් නෑ

සුවතා මංතීරුවෙන් පරාක්‍රම සමුද්‍රයේ රළපනාවට කිසිම හානියක් නෑ

පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ ඉදි වන සුවතා මංතීරුව හේතුවෙන් වැවේ රළපනාවට කිසිදු හානියක් සිදු නොවන බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පොලොන්නරුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වැඩපිළිවෙළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බාරදී තිබෙන බව පැවසු රාජ්‍ය ඇමැතිවරයා ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවද මෙහිදී විශාල ප්‍රමාණයේ ගල් එම ස්ථානයෙන් ඉවත් කොට මාර්ගය සකසා නැවතත් එම විශාල ප්‍රමාණයේ ගල් පැවැති ස්ථානයටම ගෙනැවින් තබන බවද කීවේය.

මේ තුළින් සිදුවන්නේ වැව් බැම්ම ශක්තිමත් වීම බවද ඉදිරියේ දී ගරුතර මහා සංඝරත්නය සහ ගොවියන්, විද්වතුන්, විදුහල්පතිවරුන්, වෛද්‍යවරු අනෙකුත් පාර්ශ්ව සමඟ එක්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බවද කීවේය.

මහින්ද අලුත්ගෙදර