26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකා ටෙනිස් පිටියට සෙරීනා වීනස් නෑ

අමෙරිකා ටෙනිස් පිටියට සෙරීනා වීනස් නෑ

ලෝක ටෙනිස් පිටියේ ප්‍රමුඛතම තරගාවලියක් ලෙස අද නිව්යෝක් නුවරදී ඇරඹෙන අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාවලියට සෙරීනා සහ වීනස් විලියම්ස් සහභාගි නොවෙති. සිය රටෙහි පැවැත්වෙන මේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලියට ක්‍රීඩා නොකිරීමට විලියම්ස් සොහොයුරියන්ට සිදු වූයේ ආබාධවලට ලක් වීම හේතුවෙනි.

ඒ අනුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කුසලාන 23ක් දිනා සිටින සෙරීනාට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන සංඛ්‍යාවක් දිනා සිටින ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩිකා මාගරට් කෝට්ගේ කුසලාන 24 වාර්තාව සම කිරීම තව දුරටත් කල් යනු ඇත.

ආබාධවලට ලක් වීම හේතුවෙන් රොජර් ෆෙඩරර් සහ රෆායල් නඩාල් වැනි සුපිරි ක්‍රීඩකයෝ ද මෙවර තරගාවලියෙන් ඉවත්

වූහ.