29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා මර්දනයට විශේෂඥ කමිටුවක් පත් කරන්න

කොරෝනා මර්දනයට විශේෂඥ කමිටුවක් පත් කරන්න

රනිල් වික්‍රමසිංහ

කොරෝනා වෙනුවෙන් කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීම නොව ආණ්ඩුව කළ යුත්තේ කොරෝනා මර්දනයට විශේෂඥ කමිටුවක් පත් කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමට ආණ්ඩුවට සාධාරණ අයිතියක් තිබේදැයි සූම් තාක්ෂණයෙන් ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී හෙතෙම ප්‍රශ්න කළේය.

කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ඇති බව කී වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව හැර අනෙක් සෑම රටක්ම මේ වන විට ඒ ඉල්ලීම ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.

තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හමුදාපතිවරයා තොප්පිය දා ගත්තට තමාට කරන්න දෙයක් නැතැයි කී ඒ මහතා තමා හමුදා රෝහලෙන් ලබා ගත්තේ එක් එන්නතක් පමණක් බවත් මංගල සමරවීර මහතා එන්නත් දෙකම විද ගත්තේ හමුදා රෝහලෙන් බවත් කීය.

ශිරෝමි අබයසිංහ