31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපිලිප්ස් - සවුති අයිපීඑල් යති

පිලිප්ස් – සවුති අයිපීඑල් යති

විස්සයි20 ක්‍රිකට් තරග බිමේ නවසීලන්තය වෙනුවෙන් වේගවත්ම ශතකයට හිමිකම් කියන ග්ලෙන් පිලිප්ස් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති අයිපීඑල් තරගාවලියේ ඉතිරියට එක් වෙති.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ අයිපීඑල් තරගාවලිය අතරමඟදී නවතා දැමීමට පෙර රාජස්ථාන් රෝයල්ස් පිල නියෝජනය කළ එංගලන්තයේ ජොස් බට්ලර් තරගාවලියේ ඉතිරි කොටසින් ඉවත් වීම හේතුවෙන් ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස පිලිප්ස් ගිවිසුම් අත්සන් කර තිබේ. මේ වන විට සීපීඑල් තරගාවලියේ බාබඩෝස් රෝයල්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන පිලිප්ස් ලබන මස 19 වැනිදා රාජස්ථාන් පිල සමඟ එක් වීමට නියමිතය.

ටිම් සවුති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබෙන්නේ පෞද්ගලික හේතුවක් මත තරගාවලියේ ඉතිරි කොටසින් ඉවත් වූ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් වෙනුවටය. සවුති 2019 තරගාවලිය වන තෙක් වසර 6ක් අඛණ්ඩව අයිපීඑල් තරගාවලියට එක්ව සිටි අතර, පසුගිය වසරේ ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් ඔහු මිල දී ගැනීමට ඉදිරිපත් නොවීය.

මේ අතර, එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක අදිල් රෂීඩ් අයිපීඑල් තරගාවලියේ ඉතිරි කොටසට එක් වීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. ඔහු පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ඔස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක ජයි රිචර්ඩ්සන් වෙනුවටය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග 31ක් ඉතිරිව ඇති අතර, එම තරග ලබන මස 19 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.