28.9 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට වහන්න ඉල්ලීම් කරන්නේ පාපිෂ්ට සාහසිකයන් බව සෞඛ්‍ය ඇමැති කියනවා

රට වහන්න ඉල්ලීම් කරන්නේ පාපිෂ්ට සාහසිකයන් බව සෞඛ්‍ය ඇමැති කියනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර

රට වසා දමන්නැයි ඉල්ලීම් කරන්නේ පාපිෂ්ඨ සාහසිකයන් බව සෞඛ්‍ය ඇමැතිවරයා පවසා ඇති බවත්, එසේ නම් මහා නායක හිමිවරුන් ද එවැනි බලවේගයක් දැයි ප්‍රශ්න කරන බවත් සමඟි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේ ප්‍රශ්න කර සිටියේ පසුගියදා (28) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“රට වහන්න කියලා සෞඛ්‍ය අංශ කියද්දී රට වහන්නේ නැතිව සිටියා. අන්තිමේදී මහ නායක හාමුරුවෝ කිව්වාම රට වැහුවා කියලා ආගමික වාසියක් ගන්න, අප හාමුදුරුවෝ කියන එක නම් අහනවා කියලා පෙන්වන්න හැදුවා. කොරෝනා නිසා රට වහනවාද නැද්ද කියන තීරණය ගන්න ඕනෙ හාමුදුරුවෝ කියන නිසා නොවෙයි. සෞඛ්‍ය අංශ කියන නිසා. සෞඛ්‍ය අංශ කියන දේ අහන්නේ නැතිව, මහා නායක හාමුදුරුවෝ කිව්ව නිසා අපි රට වහනවා කියලා තමන්ගේ ලැජ්ජාව වහගන්න හැදුවා.

දැන් රට වහන්න කියන අය පාපිෂ්ඨ සාහසික බලවේග කියලා අලුත් සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා. එතකොට මහා නායක හාමුදුරුවෝ පාපී හැඟීම් තිබෙන අය කියලා හඟවන්න හදනවා. රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාවට මහ නායක හාමුරුවන් අදහස් දැක්වීම පාපී ක‍්‍රියාවක් ද කියලා අපි අහන්න කැමැතියි.

අද රට වහලා තිබෙන නිසා ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා මුදල් ඇමැතිවරයා කියනවා. මේ රට ඇරගෙන ඉඳලා, රටේ ජනතාවගේ ජීවිත නැති වුණාම, මිනිස්සු නැති සුසාන භූමියක් කන්නද? මිනිස්සු ලෙඩ වුණාම, දරුවන්ට තාත්තලා අම්මලා අහිමි වුණාම, අම්මලා තාත්තලාට දරුවන් අහිමි වුණාම ආර්ථිකයක් මොකටද? ඒ වගේ තත්ත්වයක් ඇතුලේ ආර්ථිකය බම්බුගහන්නද? රටේ ආර්ථිකය අවශ්‍ය වන්නේ මිනිස් ජීවිත ආරක්ෂා වුණොත් විතරයි. මිනිස් ජීවිතය රුපියල් ශතවලින්, මිලියනවලින් මනින්න බෑ. අපට අවශ්‍ය මිනිස් ජීවිතවල වටිනාකම තේරුම් යන ආණ්ඩුවක්.”

ක්‍රිසන්ති විතාරණ