28.4 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවත්මන් ආණ්ඩුව තීන්දු ගන්නේ විද්වත් මණ්ඩලයේ ද සහාය ඇතිවයි

වත්මන් ආණ්ඩුව තීන්දු ගන්නේ විද්වත් මණ්ඩලයේ ද සහාය ඇතිවයි

රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

ලෝකය ආර්ථික අර්බුදයකට යන විට අපේ රටත් එහි ප්‍රධාන ගොදුරක් වූයේ 2015- 2019 දක්වා වර්ෂවල රට පාලනය කළ මේ වන විට විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සිදු කළ මහ බැංකු බැඳුම්කර වංචාව සහ අනෙකුත් දූෂණ ක්‍රියාමාර්ග නිසා බවත්, වත්මන් රජය මේ වන විට තීන්දු තීරණ ගන්නේ ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොව විද්වත් මණ්ඩලයේ ද තීන්දු මත බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (30) කොළඹ සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති මෙසේ ද කීය.

“අද වන විට රටේ සීනි හිඟයක් ඇති කරන්න ඇතැම් පිරිස් උත්සාහ දරනවා. අපි පැහැදිලිව කියනවා, නීති විරෝධී ආකාරයෙන් මේවා රැස් කර සඟවා තිබෙන අයට සහ එයට සහාය දෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව. මේ රටේ විපක්ෂයකට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒ අවස්ථාව අපි දී තිබෙනවා. නමුත් හැමෝම මතක තියා ගන්න ඕනේ විපක්ෂය රටට කළ විනාශයේ ප්‍රතිඵලයි අපි අද මේ භුක්ති විදින්නේ කියන එක. අද වන විට ලෝකය ආර්ථික අර්බුදයකට යද්දී අපේ රටත් එහි ප්‍රධාන ගොදුරක් බවට පත් වුණේ විපක්ෂය විසින් කළ කාර්යය භාරයන් නිසයි.

2015 -2019 කාලයේ අපේ රටේ ආර්ථිකය ශීඝ්‍රයෙන් කඩා වැටීමක් සිදු වුණා. ඒ කාලයේ මහා පරිමාණ බරපතළ වංචා හා දූෂණ සිදු වුණා. අපි දැක්කා, 2015 පෙබරවාරි මාසයේ කොහොමද මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වෙන්නේ කියලා. මෙන්න මේ බැඳුම්කර වංචාවෙන් සිදු වූ ආර්ථික කඩා වැටීම තමයි කොවිඩ් කාලයේ බරපතළ ආර්ථික පරිහානියක් බවට පත් වුණේ. මේ පරිහානියේ ප්‍රධාන කොටස්කරුවකු බවට පත් වෙන්නේ කොවිඩ් තත්ත්වය හා අනිත් පැත්තෙන් ප්‍රධාන වෙනවා විරුද්ධ පක්ෂයේ ඉන්න 2015 -2019 ආණ්ඩු කළ කණ්ඩායම.

අද ආර්ථික වශයෙන් විශාල බලපෑමක් ඇති වෙලා තිබෙන කාලයක්. අපි කනගාටු වෙනවා, රට විවෘත කර රටේ සියලු දෙනාටම මේ ඇති වෙලා තිබෙන අපහසුතාවලින් මිදෙන්න එන්නත්කරණය ශීඝ්‍රයෙන් සිදු වෙද්දී මේ එන්නත්කරණයට බාධා ඇති කරන්න ජනතාව තුළ ඒ පිළිබඳ විශ්වාසය නැති කරන්න අද වන විට විපක්ෂය කටයුතු කිරීම පිළිබඳව.”