හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමණ දයාරතන
කොරෝනා වසංගතයත් සමඟ ගොවි ජනතාව ආර්ථික ගැටලු රාශියකට මුහුණ පා ඇති බවත්, එයට පිළිතුරු දීම මිස ඇවිදින මංතීරුවල ඇවිද යෑමේ අවශ්‍යතාවක් ඔවුන්ට නොමැති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමණ දයාරතන හිමියෝ ප්‍රකාශ කරති.
උන් වහන්සේ මේ බව පැවැසුවේ මහා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මංතීරුවක් ඉදි කිරීම පිළිබඳව මේ දිනවල පවතින ගැටලුව ගැන පසුගියදා (28) දෙහිවල පිහිටි උන් වහන්සේගේ විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේ ද කීහ.
“ලෝකය මවිත කළ නිර්මාණයක් වන මහා පරාක්‍රම සමුද්‍රය පුරා විද්‍යාවට අයත් දේපලක්. කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යන මේ මොහොතේ අවශ්‍ය වන්නේ ඇවිදින මංතීරු ද? කොවිඩ් මරණ අඩු කරමින් රට ගොඩ නැඟීමේ ක්‍රියාදාමයට රජය අවතීර්ණ විය යුතුයි.
රටේ උරුමය පිළිබඳ බොහෝ ප්‍රශ්නවලදී විපක්ෂය මෙන්ම විවිධ කොටස් නිහඬයි. එම නිසා මහා සංඝරත්නයට උරුමය පිළිබඳ ගැටලු සම්බන්ධව කතා කිරීමට සිදු වී තිබෙනවා.”
උපාලි කරුණාරත්න