28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැරැදි තීරණ නිසා එන්නත්කරණය අවුල් වෙලා

වැරැදි තීරණ නිසා එන්නත්කරණය අවුල් වෙලා

ජාජබ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය

මුලදී ඇති වූ ප්‍රමාදයන් මෙන්ම වැරදි සහගත තීරණ හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ වැඩ පිළිවෙළ අවුල් සහගත තත්ත්වයක පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ‘දිනමිණ‘ට ඊයේ (30) ප්‍රකාශ කළාය.

කොවිඩ් ව්‍යසනයෙන් ජනතාවට සිදුවන අනතුර අවමකර ගැනීම සඳහා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට මුල සිට නිශ්චිත සැළසුමක් නොතිබීම හේතුවෙන් මේ වන විට ගැටලු රාශියක් ඇති වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුදැනුමත් ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ වැඩ පිළිවෙළෙක් ද තිබේ. එහිදී වයස 60ට වැඩි අයට ප්‍රමුඛතාව දිය යුතුයි. නමුත් මේ තීරණය වෙනස් විය. මෙය මොන පදනමින් වෙනස් කළාද කියන එකට තවම පැහැදිලි උත්තරයක් නැතැයි ද ඇය කීවාය. මේ දිනවල කොවිඩ් රෝගය නිසා වැඩිපුර මිය යන්නේ වයස 60ට වැඩි පුද්ගලයන්ය. තවම වයස 60 වැඩි පුද්ගලයන් සම්පූර්ණයෙන්ම එන්නත් කරන්න නොහැකි ව ඇතැයි ද කීවාය.

කොවිඩ් රෝගය සඳහා එන්නත ලබාදීමේ ප්‍රධාන අරමුණක් වුණේ සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුකර ගැනීම. කොවිඩ් රෝගයට ලබාදෙන එන්නත් පිළිබඳ ආණ්ඩුව තුළත් පසුගිය කාලයේ විවිධ මත පැවතියා. මේ තත්ත්වය තුළ ඇති වූ ප්‍රමාදය සහ එන්නත්කරණ වැඩ පිළිවෙළ සැලසුම් සහගත නොවීම නිසා අද වන විට ආණ්ඩුවේ එන්නත්කරණ වැඩ පිළිවෙළ අවුල් සහගත තත්ත්වයට පත් වී තිබෙනවා. අප එක් අතකින් සතුටු වෙනවා එන්නත්කරණ වැඩපිළිවෙළ දිගින් දිගටම ක්‍රියාත්මක විම පිළිබඳ යැයි ද ඇය පැවසුවාය.

උපාලි කරුණාරත්න