25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලු අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටව යයි

සියලු අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටව යයි

දශක දෙකක යුද්ධය නිමා කරමින් අමෙරිකාව අද(31)අලුයම ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම පිටව ගොස් තිබේ.
 
මේ අනූව ඇෆ්ගනිස්තානයේ මේ වන විට කිසිඳු අමෙරිකානු හමුදා හෝ රාජතාන්ත්‍රිකයෙක් නොමැති බවයි වාර්තා වන්නේ.
 
අමෙරිකානු හමුදාවට අයත් සී 17 වර්ගයේ ගුවන් යානයක් අද අලුයම පිටව ගියේ ඇෆ්ගන් යුද්ධයේ අවසානය සනිටුහන් කරමින්. අමෙරිකානු හමුදා මැරීන් ජෙනරල් ෆ්‍රෑන්ස් මැකොන්සි මේ බව නිල වශයෙන් නිවේදනය කර සිටියේය. ඔහු සඳහන් කර සිටියේ ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියේ දී බොහෝ සිත් රිදවීම් තිබෙන බවයි.
 
තම හමුදාවන්ට අවශ්‍ය සියලු දෙනා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනිමට අපොහොසත් වූ බවත් ඔහු සඳහනර කර සිටියි. අවසන් අමෙරිකානු ගුවන් යානය පිටවූ වහාම තලෙයිබාන්වරු අහසට වෙඩි තබමින් සිය සතුට ප්‍රකාශ කළේය.