30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීනි කිලෝවක් රුපියල් 90කට දෙන්න පුළුවන්

සීනි කිලෝවක් රුපියල් 90කට දෙන්න පුළුවන්

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

ආණ්ඩුව සීනි කිලෝවක් ඩොලරයක වටිනාකමක් දක්වා රැඟෙන විත් තිබුණ ද ඉන්දියාවේ සීනි කිලෝවක් ඉන්දියන් රුපියල් 30ට අඩුවෙන් අලෙවි වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඉන්දියාවේ මිල සහ ලංකාවේ මිල ගණනය කරන විට සීනි කිලෝවක් රුපියල් 90ක මිලකට මෙරට ජනතාවට පහසුවෙන් ලබාදීමට හැකියාව තිබෙන බව ද හෙතෙම කීවේය.

එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී කමිටුව සූම් තාක්ෂණය ඔස්සේ අමතමින් ඊයේ (30) ඒ මහතා මේ බව කීවේය.

සීනි මිල ඉහළ ගියාට කරන්නට දෙයක් නැතැයි කියමින් කරබා ගන්නා ඇමැතිවරු සිටින ආණ්ඩුවකින් ජනතාවට එවැනි යහපතක් බලාපොරොත්තු විය නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

“එක්සත් ජාතික පක්ෂය කියන්නේ කළ පුරුද්ද, පළපුරුද්ද ඇති පක්ෂයක්. ඒ නිසා තමයි ආර්ථික ප්‍රශ්නයෙන් හා කොවිඩ් ප්‍රශ්නයෙන් මිදෙන්න කරුණු 21කින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කළේ. අපි ආණ්ඩුවට දැනුම් දෙන්නේ දැන්වත් එම යෝජනා ක්‍රියාත්මක කරලා රටත් ජනතාවත් මුදා ගන්න කියලා. නැතිනම් විනාශ වෙන්නේ අපගේ මාතෘ භූමියයි.”

ශිරෝමි අබයසිංහ