31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනින් බැබළවූ දිනේෂ්ට - ලෝකඩ දිනූ සමිතට ගුවන්තොටුපොළේ රතුපලස මත උණුසුම් පිළිගැනීමක්

රනින් බැබළවූ දිනේෂ්ට – ලෝකඩ දිනූ සමිතට ගුවන්තොටුපොළේ රතුපලස මත උණුසුම් පිළිගැනීමක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ලොකු මුදලක් තෑගි දෙනවා: ගණන තීරණය වන්නේ අදයි

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා මාතාව රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම හිමි කර ගත් සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේදී රතුපලස මතින් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදයි. මේ ක්‍රීඩකයන් දෙදෙනා පමණක් හෙට (2) මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද එම දිනය වෙනස් කොට, කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සමඟ මේ 7 වැනිදා ශ්‍රී ලංකාවේදී පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ජයග්‍රාහි ක්‍රීඩකයන් දෙදෙනාට හා පුහුණුකරුට විශාල තෑගි මුදලක් හිමි වනු ඇති බවත්, ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවැත්වෙන ජාතික ක්‍රීඩා සභා රැස්වීමේදී එම මුදල තීරණය කරන බවත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා ‘දිනමිණට’ පැවසීය. ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඔලිම්පික් හා පැරාලිම්පික් වැනි අන්තර්ජාතික ජයග්‍රහණවලදී මුදල් තෑගි පිරිනමන නිසි ක්‍රමවේදයක් සකසා ඇති බවත්, ඒ සම්බන්ධව ඇමැතිවරයා හා ජාතික ක්‍රීඩා සභාව අතර සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

වෙනදා මෙවැනි අන්තර්ජාතික ජයග්‍රහණ ලබා පැමිණීමේදී මඟ දෙපස උණුසුම් පිළිගැනීම් සිදු කෙරුණ ද මෙවර සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් අනුව පැරා ක්‍රීඩක කණ්ඩායම කොළඹ තරු පහේ හෝටලයක් දක්වා රැගෙන එන බව ඒ මහතා පැවසී ය. කොරෝනා නීති අනුව කටුනායක ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී සියලු දෙනා පීසීආර් පරීක්ෂණයකට ලක් විය යුතු අතර, එහි ප්‍රතිඵල ලැබෙන තුරු හෝටලයක නවාතැන් ගැනීම අනිවාර්ය වේ.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් ද සමඟ දිනේෂ් ප්‍රියන්ත හේරත් රන් පදක්කමක් දිනා ගත් අතර, එය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රීඩා උලෙළකදී හිමි වූ ප්‍රථම රන් පදක්කම මෙන්ම මුල්ම ලෝක වාර්තාව ලෙස ද සටහන් විය. මෙය පැරා මලල ක්‍රීඩකයකුට තම ජීවිතයේ දිනා ගත හැකි උපරිම ජයග්‍රහණයක් වීම විශේෂත්වයකි.

එමෙන්ම ශ්‍රී ලංකාවට දෙවැනි පදක්කම හිමි කර දෙමින් සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසි කිරීමේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

ලෝක වාර්තාවක් ද සමඟ රන් පදක්කමක් දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම දිනා ගත් සමිත දුලාන් හෙට්ටිආරච්චි යන ක්‍රීඩකයන් දෙදෙනාගේම පුහුණුකරු වූයේ ජාතික හෙල්ල විසි කිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා වීම විශේෂත්වයකි. ප්‍රදීප් නිශාන්ත මහතා මෙරට බිහි වූ විසි කිරීමේ ඉසව්වල හොඳම ක්‍රීඩකයන් පිරිසක් බිහි කළ පුහුණුකරුවකු වන අතර, හෙල්ල විසි කිරීමේ හිටපු ජාතික ශූරයෙක් ද වේ.