රට ගොඩනැගීම සඳහා වන ජාතික සැලැස්ම පක්ෂයේ 75 වැනි සංවත්සරය පාදක කරගෙන ප්‍රකාශයට පත් කරන බව එජාප සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
“ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පරිසර ආරක්ෂාව, දැනුමේ ආරක්ෂාව යන ප්‍රධාන කරුණු පදනම් කරගෙන රටේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව ජාතික සැලැස්ම සකස් කරන බව හෙතෙම පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංත්වත්සරය සම්බන්ධව කරුණු දැක්වීමට කොළඹදී ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කීවේය.
එක්සත් ජාතික පක්ෂය කියා කියන්නේ ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ බිහි කළ මව් දේශපාලන පක්ෂයයි. ලබන මස සැප්තැම්බර් 6 වෙනිදාට එක්සත් ජාතික පක්ෂයට වසර 75ක් සපිරෙනවා. ඊට සමගාමීව අප ජාතික වශයෙන් ව්‍යාපාර කිහිපයක් ආරම්භ කර තිබෙනවා.