25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක යොවුන් චෙස් ශුරිය ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්යා

ලෝක යොවුන් චෙස් ශුරිය ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්යා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

වයස අවුරුදු 10න් පහළ ‘ඔන්ලයින් ෆිඩේ’ ලෝක යොවුන් චෙස් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී අමෙරිකාවේ මේගන් අල්තියා පරාගුවා පරාජය කළ ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්යා ගුණවර්ධන ලෝක යොවුන් චෙස් ශූරතාව දිනා ගැනීමට සමත් වූවාය. ඊයේ නිමාවට පත් වූ මේ තරගාවලියට රටවල් 100කින් පමණ වයස 10න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ව සිටියහ.

ලෝක යොවුන් චෙස් ශූරතාවලියේ රන් පදක්කම දිනා ගත් ඔෂිනි දේවින්යාට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් රුපියල් ලක්ෂයක මුදලක් පරිතයාග කළ අතර, ඇයගේ පුහුණුකරු වන අඛිල කාවින්ද මහතාට රුපියල් 50,000ක මුදලක් පරිතයාග කිරීමට තීරණය විය.

රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියක වන හත් හැවිරිදි ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන යොවුන් චෙස් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී රුසියානු ජාතික ඩයනා ප්‍රෙබාසන්කා පරාජය කිරීමට සමත් වූවාය.