27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපදක්කම් දිනූ පැරා ක්‍රීඩකයෝ තෙරුවනේ ආශීර්වාද ලබති

පදක්කම් දිනූ පැරා ක්‍රීඩකයෝ තෙරුවනේ ආශීර්වාද ලබති

දිනේෂ්ට ගෞරව සහතිකයක්

ශ්‍රී ලංකා මාතාව රනින් බබළවමින් පැරාලිම්පික් වංශකථාව වර්ණවත් කළ දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් හෙට්ටිආරච්චි පදක්කම් දිනා ගැනීමෙන් පසු තෙරුවන් නැමද ආශීර්වාදය ලබති. ජපානයේ ප්‍රධාන සංඝනායක, දඹදිව සාංචි විහාරාධිපති, මහාබෝධි සමාගමේ සභාපති හා ජපානයේ ලංකාජි විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ ඇතුළු ලංකාජි විහාරයේ ස්වාමීන් වහන්සේලා දිනේෂ්ට හා සමිත ඇතුළු පිරිස වෙනුවෙන් සෙත් පිරිත් සජ්ඣායනය කොට ආශීර්වාද කළහ.ටෝකියෝ නුවර ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව ගුණසේකර මහතා‍ විසින් මේ විශේෂ උත්සවය සංවිධාන කළ අතර, ආගමික වතාවත්වලින් අනතුරුව රන් පදක්කම දිනා නව ලෝක වාර්තාව බිහි කළ දිනේෂ් ප්‍රියන්ත රට ජාතිය වෙනුවෙන් කළ උදාර සේවාව වෙනුවෙන් ගෞරවය පිරිනැමීමේ සහතිකයක් ද ප්‍රදානය කරන ලදි.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් ද සමඟ රන් පදක්කමක් දිනා ගැනීම ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රීඩා උලෙළකදී හිමි වූ පළමු රන් පදක්කම මෙන්ම මුල්ම ලෝක වාර්තාව ලෙස ද සටහන් වෙයි. මෙය පැරා මලල ක්‍රීඩකයකුට තම ජීවිතයේ දිනා ගත හැකි උපරිම ජයග්‍රහණය වීම විශේෂත්වයකි. ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් හෙට්ටිආරච්චි සිය පළමු පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදීම පදක්කමක් දිනා ගැනීම ද විශේෂත්වයකි.

ප්‍රින්ස් ගුණසේකර