27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්ටේන් පන්දුව අත්හරියි

ස්ටේන් පන්දුව අත්හරියි

දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ.

ඒ අනුව 38 හැවිරිදි ඔහු සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවන්ගෙන් ඉවත් වන බව නිවේදනය කර ඇත.

“මා ඉතාමත් ආදරය කරන ක්‍රීඩාවෙන් නිල වශයෙන් සමුගැනීමට තීරණය කළා” ඔහුගේ නිවේදනයේ සඳහන්ව තිබිණි.

ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කර ඇති ස්ටේන් කඩුලු 439ක් බිඳ හෙළා ඇති අතර, ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ක්‍රීඩකයායි.

දිගින් දිගටම ආබාධයන්ට ගොදුරු වීම නිසා 2019 අගෝස්තු මාසයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වූ ඔහු පසුගිය වසරේ පෙබරවාරි මස ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කළ විස්සයි20 තරගය අවසන් අන්තර්ජාතික තරගය විය. කෙසේ වෙතත් පසුගිය වස⁣රේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටිය ද කොරෝනා වසංගතය හේතුවෙන් එය මේ වසරේ ඔක්තෝබර් දක්වා කල් දැමිණි.

අන්තර්ජාතික එක්දින තරග 125කදී කඩුලු 196ක් සහ විස්සයි20 තරග 47කදී කඩුලු 64ක් දවා ගෙන ඇති ස්ටේන් පළමු වරට මෙරටදී පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ‘කැන්ඩි ටස්කර්ස්’ කණ්ඩායම නියෝජනය කළේය. අයිපීඑල් ඇතුළු එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් වැනි රටවල ලීග් තරගාවලිවලටද ඔහු ක්‍රීඩා කළේය.