29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදිසි නීතිය පනවා ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ

හදිසි නීතිය පනවා ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ

හදිසි නීතිය පනවා, හමුදා නිලධාරීන් යොදවා ආර්ථික ප්‍රශ්න විසඳීමට නොහැකි බව රජය දැන්වත් තේරුම් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ආර්ථිකය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති පුද්ගලයන් ගන්නා තීරණ හේතුවෙන් රට ගොඩ ගැනීමට නොහැකි ප්‍රපාතයක සිර වනු ඇති බව විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේය.

ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති විශේෂඥයන්ගේ උපදෙස් මත වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම ගැටලු විසඳීමට රජය කඩිනමින් තීන්දු ගත යුතු බව ඒ මහතා සඳහන් කළේය.

පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා