28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsක්‍රිස් කෙයාන්ස් එක්තැන් වෙයි

ක්‍රිස් කෙයාන්ස් එක්තැන් වෙයි

නවසීලන්තයෙන් බිහි වූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයකු වන ක්‍රිස් කෙයාන්ස් අංශභාග රෝගියකු බවට පත් වී ඇතැයි වාර්තා වේ. හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රෝහල්ගතව සිටි 51 හැවිරිදි කෙයාන්ස්ට හෘදය සැත්කමක් සිදු කර තිබූ අතර, ඉන් පසු ඔහුගේ සිරුරේ වම් පස අප්‍රාණික වී ඇතැයි ද එරට පුවත්පත් වාර්තා කළේය. කෙසේ වෙතත් ඔහුගේ රෝගි තත්ත්වය සුව කළ හැකි බවට වෛද්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට සහතික කර ඇති අතර, ඒ සඳහා තරමක කාලයක් ගත වනු ඇතැයි ද පවසා තිබේ.

වසර 1989 – 2006 දක්වා කාලයේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන තුන්ඉරියව් ක්‍රීඩකයකු ලෙස දස්කම් පෑ ක්‍රිස් කෙයාන්ස් ටෙස්ට් තරග 62කට, එක්දින තරග 215කට සහ විස්සයි20 තරග 2කට ක්‍රීඩා කර ඇත. ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසු ඔහු විස්තර විචාරකයකු ලෙසත් කටයුතු කළේය.

ක්‍රිස් කෙයාන්ස්ගේ පියා ලාන්ස් කෙයාන්ස් ද 1974 – 1988 දක්වා කාලයේ නවසීලන්තය නියෝජනය කළ විශිෂ්ට ක්‍රීඩකයෙකි.