28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් නව ප්‍රභේදයක් කොලම්බියාවෙන්

කොවිඩ් නව ප්‍රභේදයක් කොලම්බියාවෙන්

සතිපතා සිදු කරන වසංගත රෝග යාවත්කාලීන කිරීමේ කටයුතුවලදී කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇතැයි ‘ෆෝබ්ස්’ සඟරාවේ වෙබ් අඩවිය වාර්තා කළේය. ‘මූ’ නමින් මේ නව ප්‍රභේදය හඳුන්වා දී ඇති අතර, එය කොලම්බියා සහ ඉක්වදෝරයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට තහවුරු වී ඇත.

කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදය සඳහා දැනට තිබෙන එන්නත් සාර්ථක නොවනු ඇතැයි ද වාර්තා වේ.

මේ වසරේ ජනවාරි මාසයේදී පළමුවරට මේ ප්‍රභේදය කොලම්බියාවෙන් හඳුනා ගෙන ඇති අතර, දකුණු අමෙරිකාවෙන් සහ යුරෝපයෙන් ද රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මූ ප්‍රභේදයේ විකෘති තත්ත්වයන් බහුලව දක්නට ලැබෙන බැවින් එය කොවිඩ් මර්දන එන්නත්වලින් මැඬ පැවැත්වීම අසාර්ථක වනු ඇතැයි ද, තව දුරටත් මේ පිළිබඳ පරික්ෂණ පැවැත්වීමට සිදු වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.