31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලෙයිබාන් ජයග්‍රහණය පාකිස්තානයේදී සැමරේ

තලෙයිබාන් ජයග්‍රහණය පාකිස්තානයේදී සැමරේ

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත් කර ගැනීමෙන් දින කිහිපයකට පසු පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක තලෙයිබාන් ධජය ඉහළට ඔසවා ජයග්‍රහණය සැමරීමට කටයුතු කර ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. ඉන් අදහස් කෙරෙන්නේ තලෙයිබන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ සිටි අමෙරිකා හමුදාව පරාජයට පත් කිරීමක් බවද එහි වැඩිදුරටත් වාර්තා කර ඇත.

කෙසේ වුවත් වසර 20ක් පුරා අමෙරිකාව ඇතුළු මිත්‍ර රටවල් ඇෆ්ගනිස්තානයේ සිදු කළ අල් කයිඩා සහ තලෙයිබාන් විරෝධි යුද්ධය අතරතුර පාකිස්තානය පසු වූයේ අමෙරිකා පාර්ශ්වය සමඟ බවත්, එම කාලය ඇතුළත පාකිස්තාන හමුදාවට අමෙරිකාවෙන් ඩොලර් බිලියන ගණන් ආධාර ලැබී තිබූ බවත් එහි වැඩි දුරටත් සඳහන් විය.

යුද්ධයේ අවසන් භාගයේදී පාකිස්තානය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් අමෙරිකාවට මෙන්ම තලෙයිබාන් සංවිධානයට ද සහාය පළ කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත චෝදනා කර තිබේ.