පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් හිමිකර ගත් දිනේෂ් ප්‍රියන්තට සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගත් සමිත දුලාන්ට ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය දක්වා ක්‍රීඩා ගම්මානයේ රැඳී සිටීමට අවසර හිමිව තිබේ.
ඒ, එරට ශ්‍රී ලංකාවේ තානාපති සංජීව් ගුණසේකර මහතා පැරාලිම්පික් ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීමකට අනුවය. තරඟ අවසන් වී පැය 24 ක් තුළ, ක්‍රීඩකයින් ටෝකියෝ පැරාලිම්පික් ගම්මානයෙන් පිටව යා යුතුය.
නමුත්, පදක්කම්ලාභී ක්‍රීඩකයින්ට සමාප්ති උත්සවයට සහභාගී වී කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග මෙරටට පැමිණීමේ අවස්ථාව ලබාදීම සඳහා සංජීව් ගුණසේකර මහතා මෙම ඉල්ලීම කර තිබුණි.