28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරට පාලනය කිරීමට හදිසි නීතිය පැනවීමෙන් ආණ්ඩුවේ නොහැකියාව ඔප්පු කරනවා

රට පාලනය කිරීමට හදිසි නීතිය පැනවීමෙන් ආණ්ඩුවේ නොහැකියාව ඔප්පු කරනවා

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

හදිසි නීතීය පනවා රට පාලනය කිරීමට කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ නොහැකියාව තව දුරටත් ඔප්පු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

දිනමිණට අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කළේය.

හදිසි නීතීය නොව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලාත්මක කළත් නිසි කළමනාකරණයක් නොමැතිව රට පාලනය කරන්න බැහැ. තර්ජනය කර, බිය වද්දා රටක් පාලනය කිරන්න බැහැ. අන්තර්ජාතික සබඳතා සහ නිසි අවබෝධය අවශ්‍යයි. අද ජනතාව පත්ව ඇති තත්ත්වය ගැන කනගාටුයි. පොහොර, බෙහෙත්, හාල්, සීනී, ගෑස්, කිරිපිටි මෙන්ම දැන් රටේ නීතියත් නැහැ. ඇත්තේ පීඩාව පමණයි. රාජපක්ෂ පවුල් වෘක්ෂයම ආණ්ඩුවේ සිටිනවා. ඒ සියල්ලම එකතු වූවත් රට පාලනය කර ගැනීමට නොහැකි බව පෙන්නුම් කළා.

උඩු රැවුලට, අඳින ඇඳුමට සහ ජනතාව මුළා කරමින් කරන කතාවලින් රටක් පාලනය කරන්න බැහැ. ඒ නිසා දැන් කළ යුතුව ඇත්තේ තවත් රටේ ජනතාව පීඩනයට පත් නොකර පළපුරුද්ද, කළපුරුද්ද, හැකියාව, කළමනාකරණට දක්ෂ, අන්තර්ජාතික සබඳතා තිබෙන එකම දේශපාලන නායකත්වය වන රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, ජනතාව ජීවත් කරවන ලෙස ඉල්ලා සිටීමයි.

එසේ නොමැතිව ජනතාව තව දුරටත් පීඩනයට පත් කළොත් ඉතාලියේ රජ පවුලට වූ දේ මෙරටේත් සිදු වෙනවා.

ශිරෝමි අබයසිංහ