පා.ම. එම්.ඒ. සුමන්තිරන්
ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත යටතේ රට පුරා හදිසි නීතිය පැනවීම පිළිබඳ තමන් විරෝධය පළ කර සිටින බවත් මේ තත්ත්වය දෙමළ ජාතික සන්ධානය තරයේම හෙළා දකින බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
පෙරේදා (31) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා බැරෑරුම් හෝ හදිසි තත්ත්වයක් පවතී නම් පමණක් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමට හැකි බවයි.
නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධි මත ජනාධිපතිවරයා හදීසි නීතිය පනවා ඒ ඔස්සේ ඔහුට වෙනත් නීති සම්පාදනය කර කටයුතු කිරීමට හැකි බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.
පොදු සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වෙනම පනතක් ගෙන ආ යුතු බවට පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානය යෝජනාවක් ගෙනාවේ මෙවැනි අවස්ථාවලදී කටයුතු කිරීමට බව පෙන්වා දුන් ඔහු එම පනත මේ වන විට සම්මත කර තිබුණේ නම් ඒ ඔස්සේ කටයුතු කිරීමට හැකියාව තිබූ බවත් කියා සිටියේය.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ