25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයොවුන් ක්‍රිකට් පිල යළි අවිශ්කට

යොවුන් ක්‍රිකට් පිල යළි අවිශ්කට

Author(s): 
ෆවුස් මොහොමඩ්

අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පියවර ගත්තේය. තාක්ෂණික කමිටුවේ උපදෙස් අනුව අවිශ්ක මේ තනතුරට පත් කර ඇත. ශ්‍රී ලංකා පිලේ හිටපු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු වූ 44 හැවිරිදි අවිශ්ක ගුණවර්ධන මහතා මීට පෙර ද යොවුන් ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබිණි.

ඔහු මේ තනතුරට පත් කරනු ලැබුවේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිලේ පුහුණු කාර්ය මණ්ඩලයට ඔහු බඳවා ගැනීමට එරට ක්‍රිකට් සංගමය තීරණය කර තිබියදීය. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබී පසුව කල් දැමූ ඇෆ්ගනිස්තාන-පාකිස්තාන එක්දින තරගාවලියේදී ඔහු එම තනතුරට පත්විමට නියමිතව තිබිණි.

වසර 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයකට අවිශ්ක යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති අතර, අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ඔහු හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වනු ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, නැඟී එන ක්‍රීඩකයන්ගේ සංචිතයේ පුහුණුකරු ලෙසත් කටයුතු කර ඇති අවිශ්ක අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තුන්වැනි ශ්‍රේණියේ සුදුසුකම් සපුරා ඇති පළපුරුදු පුහුණුකරුවෙකි. හෙතෙම ජාතික ක්‍රිකට් පිලේ පිතිහරඹ පුහුණුකරු ලෙසත් කාලයක් කටයුතු කළේය.

මීට අමතරව 2022 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය දක්වා කාලසීමාවකට යොවුන් ක්‍රිකට් පිලේ කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා පත් කිරීමට ද ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. හලංගොඩ මහතා මීට පෙර ද එම කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කර ඇත.