විවිධ සැත්කම් සඳහා භාජනය වන රෝගීන්ට සිදු වන කොවිඩ් වසංගතයේ බලපෑම් සම්බන්ධව ලොව පුරා විද්‍යාඥයන් 15,025 දෙනකුගේ දායකත්වයෙන් පසුගියදා සිදු කරනු ලැබූ දැවැන්ත පර්යේෂණය එකම කරුණක් අරභයා ලොව වැඩිම විද්‍යාඥයන් පිරිසක් එක්ව සිදු කළ අධ්‍යයනය ලෙස ගීනස් වාර්තාවක් පිහිටුවා ඇතැයි වාර්තා වේ.
ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ශල්‍ය වෛද්‍ය අනීල් භාන්ගු මේ අධ්‍යයනයේ සම මූලිකත්වය ගෙන කටයුතු කර ඇතැයි ද, එම පර්යේෂණය එංගලන්තයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේදී සිදු කර ඇතැයි ද ඉන්දීය පුවත් වාර්තා කළේය.
මේ දැවැන්ත පර්යේෂණය සඳහා රටවල් 116ක රෝගීන් 1,40,000කට වැඩි ප්‍රමාණයක් සහභාගිවී ඇති අතර, මේ මාරක වයිරසය පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් යුතුව පර්යේෂණය සිදුකර තිබේ.
ලොව පුරා දහස් සංඛ්‍යාත වෛද්‍යවරුන්ට විවිධ සැත්කම් සඳහා භාජනය කිරීමට නියමිත රෝගීන්ට කොවිඩ් ආසාදනය වී ඇති අවස්ථාවක එහි බලපෑම් අවම කරගනිමින් එම සැත්කම සාර්ථක කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමෙන් ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.