28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවසීලන්ත සුපිරි වෙළඳසැලක පිහි ඇණුමක් – ප්‍රහාරයට සම්බන්ධ සැකකරු ලාංකිකයෙක්

නවසීලන්ත සුපිරි වෙළඳසැලක පිහි ඇණුමක් – ප්‍රහාරයට සම්බන්ධ සැකකරු ලාංකිකයෙක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
අදාල පිහි ඇනුමට සම්බන්ධ සැකකරු ශ්‍රී ලාංකිකයෙක් බව එරට පොලීසිය සදහන් කර තිබේ.
 
ප්‍රහාරයට සම්බන්ධ සැකකරු එම පුද්ගලයා ද පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්ව ඇතැයි සදහන්වේ.
 
ප්‍රහාර එල්ලකළ පුද්ගලයා කලක් නවසීලන්තයේ ජීවත් වන අයෙකුවේ.
 
මේ අතර අද(03) දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් පවසා ඇත්තේ “මෙය අන්තවාදියෙකු ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත් එය තේරුමක් නැති දෙයක්, එම සිදු වීම ගැන මට කණගාටුයි.” යනුවෙනි. අදාළ සැකකරු අයිඑස්අයිඑස් කණ්ඩායමේ අනුගාමිකයෙකු ලෙස ද සැලකේ. 
 
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ අයගෙන් තිදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් බලධාරීන් සදහන් කර ඇත.